දේශීය

පාසල් දරුවන්ව උණුසුම් කාළගුණයෙන් වළක්වා ගැනීමට උපදෙස් මාලාවක්

(UTV| කොළඹ) –  දිවයිනට බලපා ඇති දැඩි උණුසුම් කාළගුණය හේතුවෙන් පාසල් මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිර්දේශ ලබාදී ඇත.

අධික උෂ්ණත්වය හේතුවෙන් ආතතිය, මස් පිඩු පෙරලීම, සිහි මූර්ච්ඡාව, හෘද රෝග හා පෙනහලු රෝග වැනි නිදන්ගත රෝග උත්සන්න වීමක් දක්නට ලැබෙයි.

ඒ අනුව, ඉහත සංකූලතාවන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කරගැනීමට පහත ක්‍රියාමාර්ග ගැනීම යෝග්‍ය බව ද සෞඛ්‍ය කාර්යාංශය දන්වා සිටියි.

නිතර නිතර ජලය පානය කිරීම, සීනි අධික බීම භාවිතයෙන් වැළකීම, එළිමහනේ සිටින විට ඔලුව වැසෙන සේ තොප්පි පැළඳීම, එළිමහනේ ගමන්කරන සෑමවිටම කුඩයක් පාවිච්චි කිරීම, අනවශ්‍ය පරිදි එළිමහනේ ගැවසීම අවම කිරීම, ලා පැහැති සැහැල්ලු ඇඳුම් ඇඳීම, අධික රස්නය ඇතිවිට මුහුණේ සහ අත්වල වතුර ගෑම, දෛනිකව වඩාත්ම උෂ්ණත්වය වැඩි වන කාල පරාසය වන පෙරවරු. 11.00 හා පස්වරු 3.00, 3.30 තුළ එළිමහනේ අධික දහඩිය දමන ව්‍යායාම නොකිරීමට ද ඒ අනුව උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව අදාළ සෞඛ්‍ය ගැටළු මූලික අවස්ථාවේදීම හඳුනාගනිමින් ප්‍රථමාධාර ලබාදීම හා ගැටළු සහගත අවස්ථාවල දී වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම, ශරීරය වියළීම වළක්වා සිසිල් කරගැනීමට පන්ති මට්ටමෙන් ජල බඳුන් තැබීම, පන්ති කාමර සඳහා වාතාශ්‍රය හොඳින් ලැබීමට දොර ජනෙල් විවෘත ව තැබීම, රෝගී තත්ත්වයන් සහිත දරුවන් සුව වන තෙක් පාසලට නොඑවීමට දෙමාපියන් දැනුවත් කිරීමට ද පාසල් මට්ටමින් පියවර ගත යුතුය.

Related posts

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නවකවද සිද්ධියකට සිසුන් 16ක් අත්අඩංගුවට

Editor O

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවෙන් දැනුම් දීමක්

Editor O

සතොස මගින් 5000 ක සහන මල්ලක්

Mohamed Dilsad

Leave a Comment