දේශීයප්‍රමුඛ පුවත 1

නිදහස් පක්ෂය ජනපති සමඟ ඇති කරගත් ගිවිසුම [AGREEMENT]

(UTV | කොළඹ) – ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විසින් සිය පක්ෂය ජනාධිපතිවරණයේදී ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා අත්සන් කළ අවබෝධතා ගිවිසුම පක්ෂයේ නිළ ෆේස්බුක් පිටුව හරහා ප‍්‍රසිද්ධියට පත් කර තිබේ.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් පාර්ශ්ව සිදු කරන ප‍්‍රකාශවලට ප‍්‍රතිචාරයක් ලෙස ඉදිරි මහ මැතිවරණය සඳහා තරඟ කිරීම සම්බන්ධයෙන් මෙම අවබෝධතා ගිවිසුම ප‍්‍රසිද්ධියට පත් කර ඇති බව වාර්තා වේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අත්සන් තැබුවේ එහි මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් පසුගිය ඔත්තෝබර් මස 19 වැනිදා මෙම ගිවිසුමට අත්සන් තැබුවේය.

මෙම අවබෝධතා ගිවිසුමට ජනාධිපතිවරණයෙන් පසුව ආණ්ඩුවක් පිහිටුවීම සහ සෙසු මැතිවරණවලට එක්ව තරඟ කිරීම සම්බන්ධයෙන් වන එකඟතාද ඇතුළත්ව තිබේ.

Related posts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

Mohamed Dilsad

සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව ගැන අවධානයෙන් පසුවන ලෙස උපදෙස්

Editor O

Leave a Comment