විදෙස්

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියානු සංචාරයක

(UTV | කොළඹ) – ලබන 24 වන දා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉන්දියාවට පැමිණෙන බව ධවල මන්දිරය විසින් ඊයේ (10) නිවේදනය කළේය.

ජනපති ට්‍රම්ප්ගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා පැවැත්වෙන බව පසුගිය ජනවාරි 16 වන දා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ධවල මන්දිරය ට්විටර් පණිවුඩයක් මඟින් ප්‍රකාශ කර සිටියේ ජනපති ට්‍රම්ප් ලබන 24 වන දා සහ 25 ව දා ඉන්දියාවේ සංචාරය කරන බවත්, එය ඇමරිකාව සහ ඉන්දියාව අතර ක්‍රමෝපාය සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවත්ය.

Related posts

කොරෝනා වැළඳීමේ හැකියාව ගැන නව සොයා ගැනීමක්

Mohamed Dilsad

කිඹුලෙකුගේ මුව තුලට හිස දමන මිනිසාට සිදුවන දේ බලන්න

Mohamed Dilsad

පිලිපීනයට භූ කම්පනයකින් බලපෑම්

Mohamed Dilsad

Leave a Comment