දේශීය

කිසිදු ජාතික සම්පතක් විදේශීය පාලනයකට නොදෙන බව අගමැති කියයි

(UTV | කොළඹ) – රටේ කිසිදු ජාතික සම්පතක් විදේශීය පාලනයකට ලබා නොදීම වත්මන් රජයේ ස්ථිර ප්‍රතිපත්තිය බව ඉන්දීය සංචාරයක නිිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා ‘ද හින්දු‘ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාව උනන්දුවක් දක්වන ත්‍රිකුණාමලයේ බලශක්ති හා ඉන්ධන ඇතුළු ව්‍යාපෘති සම්බන්ධයෙන් 2017 වසරේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්සන් කරන ලද ආර්ථික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළේ ද යන්න පිළිබඳ යොමු වූ පැනයකට පිළිතුරු ලබාදෙමින් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ ඒ පිළිබද තම රජය වගකීම් නොදරන බවයි

Related posts

දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහායවීමට IMF සහතික වෙයි

Mohamed Dilsad

සහල් ආනයනයට රජය සූදානම්

Mohamed Dilsad

කොරෝනා වෛරසය වැළඳි තවත් කාන්තාවක් මරුට

Mohamed Dilsad

Leave a Comment