ගොසිප්

චීනය ලෝකයෙන් සත්‍ය වසන් කරයි – කොරෝනා මරණ 25000 ඉක්මවයි

(UTV | චීනය) –  චීනයේ පැතිරයන මාරාන්තික කෙරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව එරට රජය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන සංඛ්‍යා ලේඛණ සමග සසදනවිට විශාල වෙනසක් ඇති බව විදෙස් මාධ්‍යයක් වාර්තා කරයි.

චීනයේ පිහිටි දෙවන විශාලතම සමාගම වන Tencent විසින් නොදැනුවත්ම කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වන දත්ත හෙළි කර ඇති බව තායිවාන පුවත් සේවයක් වාර්තා කර සිටියේය.

මෙම සමාගම විසින් ඇතිවී තිබෙන වසංගත තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු ඇතුලත් වෙබ් පිටුවේ සඳහන් කර ඇත්තේ කොරෝනා හේතුවෙන් පුද්ගලයින් 24,589 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

වෛරසය ආසාධනය වූ පුද්ගලයින් ගණන 154,023 ක් බවත් එහි සඳහන්කර ඇති බව වාර්තා වෙයි.

චීන රජය විසින් සැබෑම දත්ත ජාත්‍යන්තරයෙන් වසන් කොට තැබීමට උත්සහ දරන බව එම පුවත් සේවය වාර්තා කරයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග චීනයේ මහජන ආණ්ඩුව විසින් සිය රට වැසියන්ට මෙන්ම ලෝකයටද සත්‍ය වසන් කිරිම සම්බන්ධයෙන් දැඩි දෝෂ දර්ශණයට ලක්ව සිටියි.

මේ අතර සෞදි අරාබිය විසින් සිය පුරවැසියන්ට චීනයේ සංචාරය නොකරන ලෙස දන්වමින් සංචාරක තහනමක් පනවා තිබේ.

Related posts

නිරෝධායනය වන පවුලකට ප්‍රදේශවාසීන් පහර දෙයි

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වන බවට සමාජ මාධ්‍යයේ පුවතක්

Mohamed Dilsad

සත්‍ය තත්ත්වය අවබෝධ කරගන්නා ලෙසට චන්ද්‍රිකාට දයාසිරිගෙන් ලිපියක්

Mohamed Dilsad

Leave a Comment