දේශීය

වුහාන් සිට තායි ජාතිකයින් 138 ක් මුදාගැනේ

(UTV | කොළඹ) – වූහාන් නගරයේ රැඳී සිටි තායිලන්ත ජාතිකයන් 138 දෙනෙකු මුදාගැනීමට තායි බලධාරීන් සමත්වී තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ කොරෝනා වෛරසය හේතුවෙන් ඔවුන්ව මෙලෙස ගේනවා ගැනීමට පියවර ගෙන ඇති බවයි

එම පිරිස විශේෂ ගුවන් යානයකින් තායිලන්තය වෙත රැගෙන ආ බවත් ඔවුන් නිරෝධායනය කිරීමට සති දෙකක කාලයක් ඔවුන් එහි රඳවා තබන බවත් තායි බලධාරීන් මාධ්‍යයට පැවසුවේය.

නව කොරෝනා වෛරසය වැඩිම බලපෑමක් එල්ලවී ඇති වූහාන් නගරයේ සිටින තම වැසියන් මුදාගැනීමට බොහෝ රටවල බලධාරීන් මේ වන විටත් පියවර ගෙන තිබේ.

තායි බලධාරීන් තම වැසියන් යළි ගෙන්වා ගැනීමට උපකාර කිරීම සම්බන්ධයෙන් චීන රජයට සිය ස්තූතිය පලකර තිබේ.

Related posts

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

දෙමළ ජාතික සන්ධානයෙන් මානව හිමිකම් සමුළුවට යෝජනාවක්

Mohamed Dilsad

මධ්‍යම පළාතේ ගවයින්වත් කොටුකරයි

Mohamed Dilsad

Leave a Comment