දේශීය

කුවේටයේ හිරිහැරවලට ලක්වූ 58 ක් යළිත් දිවයිනට

(UTV | කොළඹ) –  කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් එරටදී විවිධ හිරිහැරට ලක්වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 58 දෙනෙකු අද (04) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ආපසු එවා තිබුණි. 

කුවේටයේ තානාපති කාර්යාලයේ ” සුරක්ෂා” රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි කාන්තාවන් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ නැවත එවා තිබේ.

මෙම ගෘහ සේවිකාවන් පිරිස අතරින් වැඩි පිරිසක් ඔවුන්ගේ වියදමින් ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන තිබුණ අතර , තවත් සුළු පිරිසකට ගල්ෆ් ඉන්ෂුවරන්ස් ආයතනය මගින් ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දී තිබුණි.

Related posts

කළු , ගිං සහ නිල්වලා අවධානම් මට්ටමේ

Mohamed Dilsad

විදුලි බිල අඩු කිරීම තව කල් යයි

Editor O

ගොවීන් ට යළිත් සුබ පණිවුඩයක්

Mohamed Dilsad

Leave a Comment