ගොසිප්

දිවයිනට පැමිණි බැසිල් රාජපක්‍ෂ පක්ෂය ගැන කියූ කතාව

(UTV | කොළඹ) – ඉදිරි මහ මැතිවරණය සඳහා ශක්තිමත්ව මුහුණදීමට කටයුතු සුදානම් කිරීමට අවශ්‍ය නිසා තමන් දිවයිනට පැමිණි බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විදෙස් ගතව සිටි අද (03) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අනෙක්පක්‍ෂ වලට වඩා සංවිධානාත්මකව ඉදිරි මහ මැතිවරණයට ශක්තිමත්ව මුහුණදීමට සූදානමින් සිටින බවයි.

ඔහු පිළිගැනිම සඳහා ගුවන් තොටුපොළට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු දේශපාලන නායකයින් රැසක් පැමිණ සිටියහ.

Related posts

අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරිය ලෙස කෞෂි පත් කරයි

Mohamed Dilsad

එජාපයේ තනතුරු වල වෙනසක්

Mohamed Dilsad

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් යළිත් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment