දේශීය

IDH රෝහලේ සිටින චීන ජාතිකයන්ට කොරෝනා වැළඳී නැහැ

(UTV | කොළඹ) – අයි.ඞී.එච්. රෝහලේ කොරෝනා වෛරසය ආසාදිත චීන කාන්තාව හැර ප්‍රතිකාර ලබන අනෙක් චීන ජාතිකයන් පස්දෙනාට කොරෝනා වෛරසය වැළඳී නොමැති බව අනාවරණ වී තිබේ.

ඒ බොරැල්ලේ පිහිටි වෛද්‍ය පර්යේෂණායතනය සිදුකළ පරීක්ෂණයකදියි.

ඊයේ (29) එහි වාර්තාව එම රෝහලට ලැබුණු අතර, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අටදෙනෙකුද ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබුණි.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේදීද තවත් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත්වී ඇති බව වාර්තාවේ.

Related posts

සතියකට පෙර වැඩ බාර ගත්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම් කලින්ම විශ්‍රාම යයි.

Editor O

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකා නියෝජිතයෝ ක්‍රියාකළ ආකාරය කණගාටුයි – දිලිත් ජයවීර

Editor O

සැප්තැම්බර් මුල සිට, සෑම සඳුදා දිනකම කෞතුකාගාර වසා තබයි

Editor O

Leave a Comment