දේශීය

කඩිනමින් පාර්ලිමේන්තුව රැස් කිරීමට සජිත්ගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් , කොරෝනා වෛරස් අවධානම පිළිබඳ හදිසි තත්ත්වයක් සේ සලකා කඩිනමින් පාර්ලිමේන්තුව රැස් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව විපක්ෂ නායක කාර්යාලය මඟින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

අදාළ වෛරසය ශරීර ගත වූ රෝගියෙකු මේ වනවිට මෙරටින් හඳුනාගෙන තිබීමත් සමඟ රට අවදානම් සහගත තත්ත්වයකට පත්ව ඇති බවද මෙහිදී විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කර තිබේ.

මේ අවස්ථාවේ දේශපාලන මතිමතාන්තර ඉවත දමා සියලු පාර්ශ්වයන් එක්ව රට ආරක්ෂා කළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

විභාග කොමසාරිස්ට ලංකා ගුරු සේවා සංගමයෙන් ලිපියක්

Mohamed Dilsad

හිටපු අගමැති මහින්දව අත්අඩංගුවට ගන්න – නීතිඥවරුන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තු අපේක්ෂකත්වයෙන් ඉවත් වෙයි : මනාපය භාවිතා නොකරන ලෙසද ඉල්ලයි.

Editor O

Leave a Comment