දේශීය

කොරියාවේ සිටින ශ්‍රමිකයන්ට පොදුසමා කාලයක්

(UTV | කොළඹ) – ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් කොරියාවේ රැකියා සඳහා ගොස් සිටින ශ්‍රමිකයින්හට දඩුවමකින් තොරව නැවතත් සිය රටට පැමිණීම සඳහා පොදුසමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම පොදුසමා කාලය 2019 දෙසැම්බර් 11 දින ප්‍රකාශයට පත් කර ඇති අතර, එය 2020 ජූනි 30 දින දක්වා මාස 6ක කාලයක් ක්‍රියාත්මක වෙයි.

කොරියාවේ නීතිවිරෝධිව රැදී සිටිමින් සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ඥාතීන් වේ නම් මෙම පොදුසමා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගෙන නැවත දිවයිනට පැමිණිම සඳහා තම ඥාතින් දැනුවත් කරන මෙන් කාර්යාංශය ඉල්ලා සිටියි.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු 1345 අංකය මගින් කොරියාවේ ආගමන ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීම මගින් ලබා ගත හැකිය.

වීසා කාලය ඉක්මවා වලංගු වීසා නොමැතිව නීතිවිරෝධිව කොරියාවේ රැඳී සිටින්නන්ට මෙම කාලය තුළ ගමන් බලපත්‍රය, ස්වේච්ඡාවෙන් පිටත්වීම පිළිබඳ ප්‍රකාශය හා බෝඩින් පාස් එක කොරියාවේ රැදී සිටින ප්‍රදේශයේ ආගමන කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, කිසිදු දඩ මුදලක් ගෙවීමකින් තොරව එරටින් පිටවීමට අවස්ථාව ලබා දෙයි.

එසේම එම ප්‍රද්ගලයින් අසාදු ලේඛනයට ඇතුළත් නොකරන අතර, අවශ්‍ය නම් පසුව E-9, D-2, D-4, D-8 වර්ගයේ වීසා බලපත්‍ර සඳහා අයදුම් කිරීමේ හැකියාවද ලැබේ.

Related posts

කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 751 ක් දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

තොරතුරු දැනගැනීමේ කොමිෂම පවත්වාගෙන යෑමට කාර්යය මණ්ඩලය සහ මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන්න – නීතීඥ සංගමය

Editor O

ජාතික සමගියට බාධාවක් වන ප්‍රකාශ කළ නවක මන්ත්‍රී ගැන පියවර ගන්නවා – කතානායක

Editor O

Leave a Comment