දේශීයප්‍රමුඛ පුවත 1

වෝහාරික විගණන වාර්තාවේ විවාදයට දින නියම කෙරේ

(UTV|කොළඹ ) – මහ බැංකු බැදුම්කර නිකුතුව පිළිබදව සිදුකළ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම සඳහා දින නියම කර තිබේ.

ඒ අනුව ලබන පෙබරවාරී 18 සහ 19 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී එම විවාදය පැවැත්වීමට නියමිතය.

අද රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

මෙම වාර්තාව විවාදයට ගන්නා ලෙස එම කාරක සභා රැස්වීමේදී විපක්ෂය කළ ඉල්ලීමට අනුව ආණ්ඩු පක්ෂය දින දෙකක් ඒ සදහා ලබා දීමට එකගත්වය පළ කර තිබේ.

මෙම විවාදයට පෙර එම වාර්තාවේ සිංහල සහ දමිළ පිටපත් ලබා දෙන ලෙස මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියත් එය දුෂ්කර කාර්යයක් බව කථානායක කරු ජයසූරිය මහතා පවසා තිබේ.

ඒඅනුව දැනට සී.ඩී තැටියක ලබා දී ඇති එම වාර්තාවේ පිටපත් ඡායා පිටපත් කර මන්ත්‍රීවරුන් වෙත ලබන පෙබරවාරි මුල් සතියේ ලබා දෙන ලෙසද මෙහිදී මන්ත්‍රීවරු ඉල්ලා ඇති බව වාර්තාවේ.

Related posts

ඇමෙරිකානු න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් රුසියානු මුහුදු සීමාවට

Editor O

එක්සත් ජාතික පෙරමුණ දැඩි තීරණයක

Mohamed Dilsad

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment