දේශීය

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා විශේෂ චක්‍රලේඛයක්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ උපදෙස් මාලාවක් සහිත තාක්ෂණික චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ගුවන් තොටුපළට අනුයුක්ත කර ඇති විශේෂ වෛද්‍ය කණ්ඩායම, සෞඛ්‍ය නිළධාරීන් මෙන්ම සියලු රෝහල් කාර්ය මණ්ඩල මුව ආවරණ, අත්වැසුම් සහ හිස් ආවරණ පැළඳීම ඒ යටතේ අනිවාර්ය කර ඇති බවයි.

මෙම සමස්ත උපදෙස් මාලාව පිටු 4 කින් සමන්විතයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ නව කොරෝනා වෛරසය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවට එක්වමින්.

Related posts

අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනෙන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටීනවා – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

Editor O

මින් ඉදිරියට ආණ්ඩුවට සහය නැහැ – යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්

Editor O

ඔබත් පොදු නේවාසිකාගාර වල සිටින්නෙක්ද? අවධානයෙන්

Mohamed Dilsad

Leave a Comment