දේශීය

විවෘත විශ්ව විද්‍යාල නීති උපාධිය සඳහා අයදුම්පත් කැඳවයි

(UTV | කොළඹ) – උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන ආකාරයට විවෘත විශ්ව විද්‍යාලයේ දැනට අත්හිටුවා ඇති නීති උපාධිය සඳහා සිසුන් බඳවාගැනීමට අදාල අයදුම්පත් කැදවීම මාර්තු පළමුවැනිදා සිට ආරම්භ කිරීමට නියමිතයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ විවෘත විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඊයේ (23) පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙවර උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා වරම් නොලැබූ සිසුන් හතලිස් දහසක් තොරතුරු තාක්ෂණ ඉංජිනේරු උපාධියක් සඳහා බදවාගැනීමටද අදාල වැඩපිලිවෙලක් සම්බන්දයෙන්ද මෙහිදී අවධානය යොමුවූ බවයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

රුසියානු රජයේ පුවත් ඒජන්සියෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

අද තවත් කොරෝනා රෝගීන් 102ක්

Mohamed Dilsad

ජනපති අනුරපුර පුදබිම වැඳ පුදා ආශිර්වාද ලබාගනී [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment