දේශීය

වියත්මගේ සාමාජිකයින්ට කැපිල්ලක්

(UTV |අනුරාධපුරය) – ඉදිරි මහමැතිවරණයේදී තරග කිරීමට අපේක්ෂාවෙන් සිටින වියත්මග සංවිධානයේ සාමාජිකයින්හට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් ආසන සංවිධායකයින්ගෙන් අඩු සැලකිල්ලක් සහ ඇතැම් විට කෙණෙහිලිකම් සිදුවන බව වාර්තාවේ.

මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා ඊයේ (21)  අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව හෙළි කළේය.

ඉදිරි මහමැතිවරණයේදී උගත් බුද්ධිමත් පිරිසක් ඉදිරිපත් විය යුතු නිසා වියත්මග සංවිධානය නියෝජනය කළ විද්වතුන් කණ්ඩායමක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී පොහොට්ටුව ලකුණ යටතේ තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය ඇතුළු දේශපාලන පක්ෂ කීපයක් නියෝජනය කරන සාමාජිකයෝ මෙම වියත්මග සංවිධානයේ සිටින බව මහාචාර්යවරයා සඳහන් කළේය.

නමුත් ඉදිරි මහමැතිවරණයේදී වියත් මග සංවිධානය කරන කණ්ඩායම්වලට ඇතැම් දිස්ත්‍රික්කවලින් මන්ත්‍රී ධුර අපේක්ෂකයින් ලෙස නාම යෝජනා නොලැබෙන තත්ත්වයක් මතු විය හැකි බව ඒ මහතා කියා සිටියේය.

Related posts

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම අද

Mohamed Dilsad

කටුනායක ගුවන් තොටුපළ සඳහා නව මහා මාර්ගයක්

Mohamed Dilsad

බෝ ගස වැඩක් නැතැයි කියන මාක්ස්වාදියෝ යැයි කියා ගන්නා අය පහර දෙන්නේ රටේ සංස්කෘතියට – පූජ්‍ය ඕමාරේ කස්සප හිමි

Editor O

Leave a Comment