ව්‍යාපාරික

සුළු, මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය ගෙවීමට දින නියම කරයි

(UTV | කොළඹ) – රජය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ලබාදෙන බදු සහන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ලබන 31 වන දාට පෙර තමන් ණය ලබා ගත් බැංකු ශාඛා වෙත ඒ පිළිබද දැනුම් දෙන ලෙස මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය පවසන්නේ දැනට අක්‍රිය මට්ටමේ පවතින ණය වෙනුවෙන් නීතිමය පියවර ගැනීම බැංකු විසින් අත්හිටුවා ඇති අතර, ඔවුන් වෙත පනවා තිබූ දඩ පොලිය ද අහෝසි කර ඇති බවයි.

ශ්‍රී ලංකා මහබැංකුව විසින් මෙම ණය සහන පැකේජය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සියළු වාණිජ බැංකු වෙත චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවද එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

පාකිස්තාන අන්තර්ජාල වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකිකයන්ට විවෘත වේ

Mohamed Dilsad

ලෝක වෙළඳපලෙහි ඉන්ධන මිල පහළට

Mohamed Dilsad

දින තුනකදී රුපියල් කෝටි 43,537ක් අහිමි වු කොළඹ කොටස්වෙළෙඳපොළ

Editor O

Leave a Comment