ව්‍යාපාරික

එළවළු මිල ඉහළ යෑමෙන් අලෙවිය 50 % කින් පහළට

(UTV | බලන්ගොඩ) –  වෙළඳපොලේ එළවළු මිල අධික ලෙස ඉහල යෑමත් සමග බලන්ගොඩෙ සහ ඉඔුල්පේ  ප්‍රදේශවල එළවළු අලවිය 50 % කින් පමණ පහත වැටී තිබේ.

උඩරට සහ පහතරට එළවළු වර්ගවල කිලෝවක මිල මේ දිනවල රුපියල්  හාරසියය ඉක්මවා ඇති බව පාරිභෝගිකයන් චෝදනා නගයි.

මේ හේතුවෙන් පාරිභෝගික ජනතාව ,එළවළු වෙළෙන්දන් මෙන්ම හෝටල්  හිමියන්ද විශාල ගැටලුවකට මුහුණ පා සිටින බව වාර්තා වෙයි.

මීට පෙර එළවළු කිලෝවක් මිලදී ගත් පාරිභෝගික ජනතාව එළවළු මිල ඉහල යෑමත් සමග මේ දිනවල එළවළු වර්ග වලින් ග්‍රෑම් දෙසිය පනහ බැගින් මිලදී ගැනීමට පටන්ගෙන  ඇති බව එළවළු වෙළෙන්දන් පවසයි.

මේ හේතුන් නිසා සමස්තයක් වශයෙන් එළවළු ඉල්ලුම 50 % ක් පමණ අඩු වී ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

 

Related posts

රුපියලේ අගය ශක්තිමත් වේ

Mohamed Dilsad

කෘෂිකර්ම උපදේශකවරු ඇතුළු 346ක් කෘෂිකර්ම සේවයට එක්වෙති

Mohamed Dilsad

විදෙස් රටවල හෙද හා සාත්තු සේවිකා වෘත්තිකයින් සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමට ඕස්ට්‍රේලියානු ආයතනයක් සුදානම්

Mohamed Dilsad

Leave a Comment