ව්‍යාපාරික

මෙරට විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ජාත්‍යන්තර වෙළදපළ ජය ගැනීමට සැලසුම්

(උදයම්,කොළඹ)   –  විසිතුරු මත්ස්‍ය කර්මාන්තයෙන් ජාත්‍යන්තර වෙළද පළ ජයගැනීම වෙනුවෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ධීවර හා ජලාජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

දේශීය විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ජාත්‍යාන්තර තළයට ඔසවා තැබීම වෙනුවෙන් මේ වන විට පියවර රැසක් ගෙන ඇති බවත් එහි එක් පියවරක් ලෙස 2018 වසරේදී එවැනිම ජාත්‍යන්තර විසිතුරු මත්ස්‍ය ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරණ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙරට විසිතුරු මත්ස්‍ය අපනයන කර්මාන්තය සදහා විදේශ ඉල්ලුම ඉහල නැංවීමට හැකිවනු ඇති බවත් , එය මෙරට ආර්ථිකයට විශාල විදේශ විනිමයක් උපයාදීමට ලැබෙන මහගු අවස්ථාවක් බවත් අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ් අකළේ,චීනයේ ජැන්සුවා නගරයේදී පැවති “ඇක්වරාමා 2017” ජාත්‍යන්තර  විසිතුරු මත්ස්‍ය ප්‍රදර්ශනයෙන් “ෂෝර්ට් ටේල්” වර්ගයේ ප්‍රථම ස්ථානය හිමිකරගත් කේ.එම්.චමිනි දිනුෂා හමුවූ අවස්ථාවේ දී ය.

Related posts

දුම්කොළ වගාව හා ආනයනය තහනම් කිරීමට රජය සුදානම් – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

ස්ටැෆර්ඩ් හා ඉන්වෙන්ටිව් පොලිමර්ස් එක්ව සෞඛ්‍ය අංශ වෙත මුහුණු ආවරණ පරිත්‍යාග කරයි[PHOTO]

Mohamed Dilsad

වසරකට අවස්ථා 3 කදී ඵලදාව ලැබෙන නව පේර ප්‍රභේදයක්

Mohamed Dilsad

Leave a Comment