දේශීය

තේරිම් කාරක සභාවේ යෝජිත නාම ලේඛනය පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව සඳහා දේශපාලන පක්ෂ යෝජනා කළ සාමාජිකයින්ගේ නාමලේඛනය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට හෙට (21) පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනිමට නියමිත ය.

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා සඳහා නව සමාජිකයින් පත් කිරිම ඇතුළු පාර්ලිමේන්තුවේ බොහෝ කටයුතු සිදු කෙරෙනු ලබයි.

කතානායකවරයාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව සඳහා දේශපාලන පක්ෂවල නායකයින් හෝ ඔවුන්ගේ නියෝජිතයින් ද ඇතුළුව පාර්ලිමේන්තුව නම් කරන සාමාජිකයින් 17 දෙනකුගෙන් සමන්විත වේ.

ආණ්ඩු පක්ෂය නියොජනය කරමින් පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේ සමාජිකත්වය සඳහා චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද, මහින්ද සමරසිංහ, ගාමිණි ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන සහ රෝහිත අබේගුණවර්ධන යන මන්ත්‍රිවරුන් නව දෙනාගේ නම්, පාර්ලිමේන්තු න්‍යා‍ය පත්‍රයට ඇතුළත්ව තිබේ.

විපක්ෂව නියෝජනය කරමින් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ දැක්වෙන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග, විජිත හේරත්, රිෂාඩ් බදියුදීන්, චම්පික රණවක, මනෝ ගනේෂන්, නිරෝෂන් පෙරේරා, මාවෙයි සේනාධිරාජා යන මන්ත්‍රිවරුන්ගේ නම් ඉදිරිපත් වී ඇත.

Related posts

මහනුවර නගර සීමාවේ පාසල් තවත් සතියක් වැසේ

Mohamed Dilsad

තුර්කියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු නියැඳි පී.සී.ආර්. පරීක්ෂාවට

Mohamed Dilsad

Leave a Comment