ගොසිප්

ග්‍රාම නිලධාරීන් අධීක්‍ෂණයට රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්

(UTV | කොළඹ) – ග්‍රාම නිලධාරීන් නිසි ලෙස සිය රාජකාරිය ඉටුකරන්නේද යන්න ගැන අධීක්ෂණයට රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් පත්කර තිබේ.

මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත්තේ රැකියා සැපයීමේ වැඩසටහනේ දී හා සහනදායී මිලට දිළිඳු පවුල්වලට ආහාර සැපයීමේ වැඩසටහන යටතේ කාඩ්පත් ලබාදීම සම්බන්ධවයි.

දිළිඳු ජනයා වෙසෙන පවුල්වල ආදායම් තත්ත්වය පිළිබඳ විධිමත් සහ නිවැරදි සහතිකයක් නිකුත් කරන ලෙස ග්‍රාමසේවා නිලධාරීන්ට රජය දැනටමත් දිසාපතිවරුන් මාර්ගයෙන් උපදෙස් දී ඇත.

නමුත් පෞද්ගලික ලාභ අපේක්‍ෂාවෙන් සහන ලබාදිය යුතු පවුල් වලට සහතික නිකුත් නොකරන ග්‍රාමසේවා නිලධාරීන් ගැන සොයා බලනු ඇත.

ඒ අනුව වංචා සිදු කරන ග්‍රාමසේවා නිලධාරීන් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට බුද්ධි අංශයේ නිර්දේශ ජනාධිපතිවරයා විසින් ලබා ගැනීමට නියමිතය.

Related posts

විමල්ට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට පොලිසියට හදිසි ඇමතුමක්

Mohamed Dilsad

කොරෝනාවේ අතුරුඵලයකින් දිනකට 12,000 ක් මිය යා හැකි බවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

“කංසා” භාවිතා කිරීමට දේශීය වෛද්‍යවරුන්ට අවසර හිමිවන ලකුණු

Mohamed Dilsad

Leave a Comment