දේශීය

රාජිත සේනාරත්නට මහාධිකරණයෙන් නොතිසි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධිත අයදුම්පත මේ මස 17 වන දා සලකා බැලීමට තීරණය කර තබේ.

මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් නොතිසි නිකුත් කර ඇත්තේ දැනට ඇප මත මුදා හැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

සුදුවෑන් මාධ්‍ය හමුවට අදාලව අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා පසුගිය 30 වනදා ඇප මත මුදා හරිනු ලැබුවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් අනුවයි.

එම නියෝගයට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ගොණු කර තිබෙන අතර එම අයදුම්පත සලකා බැලීම යටතේයි රාජිත සේනාරත්න මහතාට නොතීසි නිකුත් කර ඇත්තේ.

Related posts

මෙරටින් වාර්තා වන ආසාදිතයින් 2000 ට ආසන්න වෙයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට අනතුරු ඇඟවීම්

Editor O

බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ චෝදනා මත තවත් සැකකරුවන් 4 අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment