දේශීය

කටුනායකට හදිසියේ ගොඩ බැස්සවූ යානයේ සිටි මගීන් දෙදෙනකු මරුට

(UTV | කොළඹ) – සෞදි අරාබියේ සිට ඉන්දුනීසියාව දක්වා පියාසර කරමින් තිබු  ගුවන් යානයේ සිටි මගීන් දෙදෙනෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

මගීන් දෙදෙනෙකු අසනීපවු බව පවසමින් සෞදි අරාබි ජෙඩාහි සිට ඉන්දුනීසියාවේ සුරබයා දක්වා පියාසර කළ තායිලන්ත ලයන් එයාර් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් හදිසියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වා තිබේ.

ඒ අද අලුයම 2.45 ට පමණය.

මෙම මගීන්ට ප්‍රථිකාර ලබා දීම සඳහා ගුවන් යානය ගොඩ බස්වා වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කරන අවස්ථාවේදීත් ඔවුන් මිය ගොස් සිට බව ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසයි.

එලෙස මිය ගොස් ඇත්තේ ඉන්දුනිසියානු ජාතික 71 හැවිරිදි කාන්තාවක සහ 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

පරීක්ෂණවලින් අනතුරුව අදාළ සිරුරු මෙරට ඉන්දුනීසියානු තානාපති කාර්යාලයට භාරදීමට නියමිත බව ගුවන් තොටුපල බලධාරීන් පවසයි.

Related posts

රනිල්ගේ නිවසට CIDය යයි[UPDATE]

Mohamed Dilsad

රංගන ශිල්පිනී කුමාරි මුණසිංහගේ සහාය සජිත් ප්‍රේමදාසට

Editor O

අයහපත් කාලගුණයත් සමඟ මාර්ග රැසක වාහන තදබද

Mohamed Dilsad

Leave a Comment