දේශීය

රංජන්ගේ දුරකථන සංවාද පිළිබඳ රස පරීක්ෂක විමර්ශන අරඹයි

(UTV | කොළඹ) – රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද ඇතුළත් හඬ පට සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අද (13) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

මේ වන විට අදාළ දුරකථන සංවාද ඇතුළත් සීඩි තැටි හා පරිගණක ඇතුළු උපකරණ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයට ලැබී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

පසුගියදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම සීඩි තැටි හා පරිගණක ඇතුළු උපකරණ ද මන්ත්‍රී නිවාසයේ තිබී සොයාගත් බලපත්‍ර කල්ඉකුත් වූ ගිනි අවිය ද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළේය.

ඒ අනුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් එම හඬපටවල අඩංගු සංවාද කුමක් ද යන්න පිළිබඳවත් එම හඬපටවල අනුපිටපත් සහ ඒ සඳහා භාවිත කළ පරිගණක දත්ත පිළිබඳවත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.

Related posts

ලිට්‍රෝ ගෑස් මිල අඩු වෙයි.

Editor O

මුදල් අමාත්‍යාංශයෙන් මැතිවරණ කොමිසමට දැනුම්දීමක්

Mohamed Dilsad

මෙරට මුදල් රැගෙන ගිහින් විදේශ රටවල්වල සමාගම් ආරම්භ කළ අය සිටින බව අමාත්‍ය වසන්ත සමරසිංහගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment