දේශීය

STF නිළධාරින්ගේ රාජකාරියට බාධා කළ සිව්දෙනෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – අම්පාර උහන ලාතුගල මාර්ගයේදී පොලිස් විශේෂ කාර්යය බළකායේ නිළධාරින් කණ්ඩායමකට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ මෙම පහරකෑමට ලක්වූ නිළධාරින් අතරින් එක් අයෙක් සුලු තුවාල ලබා ඇති බවයි.

ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයට වෙනත් ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් මග හරස් කර නතර කර පහරදී ඇති අතර, එහිදී එක් නිලධාරියෙකු තුවාල ලබා තිබේ.

ත්‍රිරෝද රථයටද සැකකරුවන් අලාභහානි සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

ප්‍රභු ආරක්ෂක නිලධාරීන්ට මින් පසු තහනම් වැඩ ලේඛනය මෙන්න

Editor O

ඡන්දය පැවැත්වෙන දිනයේ සහ ප්‍රතිඵළ නිකුත් කරන දිනයේ බස්රථ ධාවනය අඩුවේවි – පෞද්ගලික බස් හිමිකරුවෝ කියති.

Editor O

Leave a Comment