විදෙස්

බැග්ඩෑඩ්හි අධි ආරක්ෂිත කලාපයට මිසයිල ප්‍රහාර දෙකක්

(UTV | ඉරාකය) – ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරේ ඇමරිකානු තානාපති කාර්යාලය ඇතුලූ තවත් තානාපති කාර්යාල රැසක් ස්ථාපිත කර ඇති අධි ආරක්ෂිත කලාපයට මිසයිල ප්‍රහාර දෙකක් එල්ලවී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ එම ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් වාර්තාවී නොමැති බවයි.

ඉරානය විසින් ඉරාකයේ ඇමරිකානු කඳවුරු දෙකකට මිසයිල ප්‍රහාර එල්ල කර පැය 24 ක් ගතවීමටත් පෙර මෙම මිසයිල ප්‍රහාර එල්ලවීම විශේෂත්වයක් වන අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් බාරගෙන නැත.

Related posts

ක්‍රීඩාංගණයක සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 13 දෙනෙකු මරුට

Mohamed Dilsad

ඊශ්‍රායල-හමාස් ගැටුමෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

විදුලි බලයෙන් ක්‍රියාත්මක ලොව වේගවත්ම මෝටර් රථය එළිදැකි.

Mohamed Dilsad

Leave a Comment