දේශීයප්‍රමුඛ පුවත 1

නිදහස් පක්ෂයේ සියලු සංවිධායකවරුන් රැස්වේ

(UTV | කොළඹ) – පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා අද (07) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ගොඩනගා ගෙන ඇති එකඟතා සහ පක්ෂය ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන ආකාරය ආදිය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

මීට අමතරව පක්ෂ සභාපතිවරයා සමග සෑම ආසනයකට මැතිවරණ කමිටු පිහිටුවන ලෙස පසුගිය දා ලබාදුන් උපදෙස්වල ප්‍රගතිය පිළිබඳව ද මෙම හමුවේදී සංවිධායකවරුන් කරුණු සකාච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.

Related posts

වැල්ලම්පිටියේදි ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ත්‍රීරෝද රථ ගාස්තු පළවනදා සිට පහළට

Mohamed Dilsad

රටේ ඒකීයභාවය හා බෞද්ධාගම සම්බන්ධයෙන් පැවරී තිබෙන වගකීම් කිසිලෙසකින්වත් පැහැර නොහරින බව ජනපති පවසයි

Mohamed Dilsad

Leave a Comment