දේශීය

මහරගම අවට ප්‍රදේශ කීපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

(UTV| කොළඹ) – හෙට (07) පෙරවරු 9.00 සිට පසුදින (28) පෙරවරු 9.00 දක්වා පැය 24 ක කාලයක් මහරගම හා තවත් ප්‍රදේශ කීපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ හා පාදුක්ක යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

කළටුවාව සිට මහරගම දක්වා ජලය සැපයෙන ප්‍රධාන මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බව ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

Related posts

බයිලා සංගීතයේ පෙරළිකාර පෝල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

අරගල පැවැත්වෙන ප්‍රදේශවල පෞද්ගලික බස් රථ ධාවනය නොවේ

Mohamed Dilsad

විදුලි සේවකයන් 25,000 ක් කොළඹට

Mohamed Dilsad

Leave a Comment