දේශීය

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නාවික හමුදා අත්අඩංගුවට

( UTV | කොළඹ ) – නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලයබැක්බේ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඊයේ(04) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ධීවර කටයුතු කරන මුවාවෙන් එම ප්‍රදේශයේ රැදී සිට ඇති අතර, කලක පටන් ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමේනිරත පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇත.

21 හැවිරිදි සැකකරු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

ඔහු ඉදිරි පරීක්ෂණ සඳහා ත්‍රිකුණාමල පොලීසියට භාර දී තිබේ.

Related posts

පොසොන් පෝයට දන්සල් 4,600ක් සහ පොසොන් තොරණ 296ක් රට පුරා.

Editor O

සැප්තැම්බර් මුල සිට, සෑම සඳුදා දිනකම කෞතුකාගාර වසා තබයි

Editor O

ද.අමෙරිකාවේ හෝ ද.අප්‍රිකාවේ සංචාරය කල කිසිවෙකුට ලංකාවට ඇතුලුවීම තහනම්

Mohamed Dilsad

Leave a Comment