දේශීය

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ලබන 16 වැනි දා

(UTV | කොළඹ ) – ලබන 16 වැනි දා මෙම වසරේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සිදු කිරීමට නියමිතව ඇත.

ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ විල්ගමුව ධර්මප්‍රදීප කණිෂ්ඨවිද්‍යාලයේදී සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එච්.එම් චිත්‍රානන්ද මහතා පැවසුවේය.

එදින මීට සමගාමිව සියලු පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම සිදු කරන ලෙස පාසල් ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

සෑම ළමයෙකුටම පළමු ශ්‍රේණිය සඳහා පාසලක් ලබාදීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලමත 6 වැනි ශ්‍රේණිය සඳහා සිසුන් බඳවා ගැනීම හෙට සිට 17 වැනි දා දක්වා සිදු කරන ලෙස පාසල් ප්‍රධානීන්ට උපදෙස් දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

Related posts

කැපුම් තුවාල සහිත මළ සිරුරක් ගල්කිස්සෙන් හමුවේ

Mohamed Dilsad

පළාත් පාලන ආයතන නාම යෝජනා ප්‍රතික්ෂේපවීම් වළක්වා ගැනීමට උපදෙස්

Editor O

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රෝහල් ගත කරයි.

Editor O

Leave a Comment