ගොසිප්

කතුරු පහරක් කළ හදියක්

(UTV | කොළඹ) – නින්දාන ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයකු කොණ්ඩය කප්පවා ගැනීමට බාබර් සාප්පුවකට පැමිණ සිටියදී එතනට කඩා වැදුණු බීමත් පුද්ගලයකු එම තරුණයාට කතුරකින් ඇන බරපතල තුවාල සිදු කර පලා ගොස් තිබේ.

බටපොල බොරලුවාතොට නින්දාන පිහිටි බාබර් සාප්පුවක් තුළදී මෙම සිදුවීම සිදුවී තිබේ.

මිනීමැරුම කළ සැකකරු හඳුනා ගෙන ඇති අතර මේ වන විට ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

තුවාලකරු කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළු කළ පසු මිය ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බටපොල පොලිසිය මේවනවිට පරික්ෂණ පවත්වයි.

අද (3) කරාපිටිය ශීක්ෂණ රෝහලේ දී මිය ගිය තරුණයාගේ මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

Related posts

මිය ගිය හත්වන කොරෝනා රෝගියාගේ තොරතුරු හෙළි වෙයි

Mohamed Dilsad

සතොස මල්ල ගැන බොරු ප්‍රචාර කරන්න එපා – බන්දුල කියයි

Mohamed Dilsad

හෙට සිට ඇඳිරි නීතිය වෙනස් වෙයිද

Mohamed Dilsad

Leave a Comment