විදෙස්

ලැව් ගිනි නිසා සංචාරකයින් ඉවත් කෙරේ

(UTV | නිව් සවුත්වේල්ස්) – නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් සංචාරකයින්ට ඉවත්වන ලෙසට එරට ආරක්ෂක අංශ දැනුම්දී තිබේ.

ඒ පවතින උෂ්ණාධික දේශගුණික තත්ත්වය සහ ලැව්ගිනි ධුමාරය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි.

ඕස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංචාරක කලාපයේ පවතින ලැව්ගිනි හේතුවෙන් විශාල පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත්වෙමින් පවති.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට අඛණ්ඩව ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක පැතිර යන ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් නිවාස 1200 කට වැඩි ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

නිව්සවුත් වේල්ස්  සහ වික්ටෝරියා ප්‍රාන්තවල අතුරුදන්ව ඇති සංඛ්‍යාව 17 කි.

Related posts

පුද්ගලයින් 30 කට මරු කැඳවූ බෝම්බ ප්‍රහාරය

Mohamed Dilsad

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය ගායක KK මිය යයි

Mohamed Dilsad

උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් සාර්ථකව අත්හදා බලයි

Mohamed Dilsad

Leave a Comment