දේශීයප්‍රමුඛ පුවත 1

අස්ගිරි මහා නා හිමියන් නව වසරට සුබපතයි

(UTV | කොළඹ) – ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණයද සුහදත්වයෙන් පැවැත්වීමට හැකි වේවායි නව වසරේ ප්‍රාර්ථනා කරන බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ පවසති.

නව වසර සඳහා පණිවුඩයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

එසේම“ලැබුවා වූ නව වසර සෞභාග්‍යමත්, වාසනාවන්නත වසරක් වේවා කියලා  ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. මේ රට විවිධ ජාතීන් ජීවත් වන විවිධ ආගම්වලින් යුක්ත රටක් කියෙන එක ඔබ අප සෑම දෙනාම දන්නවා.

ආගම් බේදයක් නැතුව ජාති බේදයක් නැතුව මේ රටේ ජනතාව බොහෝ කාලයක් සුහදත්වයෙන් ජීවත් වුණා. ඒ වගේම ඉදිරියටත් මේ ජාති බේද ඒ වගේම ආගම් බේද හැමදෙනාම එකම රටේ සහෝදර පිරිසක් හැටියට ජීවත් වෙනවානම් ඉතාම අගය කරන්න ඕනේ”. අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් වැඩිදුරටත් මෙසේ පැවසීය.

Related posts

ඉන්දියානු නාවික හමුදාධිපති මෙරට නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක [VIDEO]

Mohamed Dilsad

ජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවෙන් සේවකයින් 12,000ක්

Editor O

සීෂෙල්ස් රාජ්‍ය සමඟ ගිවිසුම් දෙකක්

Mohamed Dilsad

Leave a Comment