ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

හෙට සිට වැට් බදු සංශෝධනයක්

(UTV | කොළඹ) – මුදල් අමාත්‍යාංශ උපදෙස් පරිදි අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද වැට් බදු සංශෝධන හෙට (01) සිට ක්‍රියාත්මක වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (31) දිනට පෙර අවසන් වන ඕනෑම කාර්තුවක් සඳහා බද්දට යටත් සැපයුම රුපියල් මිලියන 75ක් නොඉක්ම වන තැනැත්තන්ගේ එකතු කළ අගය මත බද්ද සඳහා වන ලියාපදිංචිය හෙට සිට බලපැවැත්වෙන පරිදි අක්‍රිය කරන බව එහි කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ වැට් බදු ලියාපදිංචිය අක්‍රිය කරන ලද තැනැත්තන්ගේ තොරතුරු www.ird.gov.lk වෙබ් අඩවියට ඇතුළත් කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති හා අගමැති අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

ඇමති රිෂාඩ් එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතන් සමඟ සාකච්ඡාවක

Mohamed Dilsad

රට වෙනුවෙන් කැපකිරීම් කළ රණවිරුවන් කිසිම විටක පීඩනයට පත්කරන්නේ නැහැ – ජනපති

Mohamed Dilsad

Leave a Comment