ප්‍රමුඛ පුවත 1

තෛපොංගල් උත්සවය අදයි

(උදයම් , කොළඹ) – අස්වැන්න නෙලීමේ උත්සවය”යන අරුත ඇති තෛපොංගල් උත්සවය අද (14) ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සමරනු ලබයි.

 

පොංගල් ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල සමරනු ලබන ‘මකර සන්ක්‍රාන්ති’ සමග බැදීමක් පවතී.

 

පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ “උතුර යාම නොහොත් පිටාර ගැලීමයි”. මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාගයයේ සළකුණක් ලෙස මොවුන් සලකයි.

 

තෛපොංගල් උත්සවය මගින් තවත් අලුත් වසරක් සඳහා සූර්ය භ්‍රමනය ආරම්භ වීම සැරසීම ආරම්භ වේ.

දමිළ, හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සුර්යයාට පුජා කිරීම සුර්ය මන්ගල දිනයේ දී කරනු ලැබේ.

මෙම උත්සවය දමිළ ජනයා සඳහා පමණක් ම වෙන්වුවක් නොවේ. මහා භාරතයේ සඳහන් වන පරිදි එය මුලු ඉන්දියානු ජනතාවටම පොදු චාරිත්‍රයකි.

 

 

භිෂ්මා තම මිනිස් ජීවිතය වතහැරීම සුර්යයා උතුරු දිසාවට හැරීමේ දී සිදු වු බවත්, එම සිදුවීම ‘උත්තරායන’ නමින් හදුන්වයි. ධර්ම ශාස්ත්‍රරවයන් සඳහන් කරන පරිදි මකර සන්ක්‍රාන්තිය ජනවාරි 14දා සිදුවන අතර කුම්භ හා අර්ධ කුම්භ මේලා මෙදින අවසන් වේ.

 

Related posts

මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 1000ක් පිලිබඳ තොරතුරු

Mohamed Dilsad

උත්සව සමයේ සහන මිලට සහල්

Mohamed Dilsad

මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදීමට පක්ෂ විපක්ෂ සියලු දෙනා සහය ලබාදිය යුතු බව ජනාධිපතිතුමා පවසයි

Mohamed Dilsad

Leave a Comment