ප්‍රමුඛ පුවත 1

අගමැති ලබන සතියේ ඉන්දියාවේ සංචාරයක

(උදයම්,කොළඹ)  – අග්‍රමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා ලබන 25 වනදා ඉන්දියාවේ සංචාරයක නිරතවේ.

ඒ අනුව ලබන 25 වනදා සිට 29 වන දින දක්වා ඉන්දියාවේ රැදී සිටින අග්‍රමාත්‍යවරයා ලබන 26 වනදා ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ද්වී පාර්ශ්වික සාකච්ඡාවකට සහභාගීවීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය ස්නාදහන් කරයි.
මෙහිදී ශ්‍රී ලංකා අග්‍රමාත්‍යවරයා ඉන්දීය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මේ අනුව ඉන්දීය විදේශ අමාත්‍යවරයා, අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ මහා මාර්ග, ප්‍රවාහන, අධිවේගී මාර්ග සහ නාවික අමාත්‍යවරුන් මුණ ගැසීමට නියමිතය.

මෙම සාකච්ඡා වලින් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළඹීමට නියමිත බව වාර්තාවේ.

මේ අතර ජාත්‍යන්තර වෙසක් සැමරුම වෙනුවෙන් ලබන මාසයේ මෙරට සංචාරයක නිරත වන ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංචාරය සැළසුම් කිරීමේ කටයුතු සඳහා ද අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා සඳහන් කළේය.

Related posts

අගවිනිසුරු නලින් පෙරේරා විශ්‍රාම යයි …

Mohamed Dilsad

සම්බා හා නාඩු සහල්වලට උපරිම සිල්ලර මිලක් [VIDEO]

Mohamed Dilsad

රන්ජන්ගේ කට හඬ පරීක්ෂාව සඳහා නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment