ප්‍රමුඛ පුවත 1

උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්

(UTV | කොළඹ) –  පාසල් නිවාඩුව සහ නත්තල් සමය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාව අද (24) සිට ආරම්භ වීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව අද දිනයේදී කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනය කෙරෙනු ඇත.

ඒ අනුව ලබන 27 සහ 29 දින දෙක තුලද රාත්‍රී 07. 35 ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට ද , එම දිනවල රාත්‍රි 8.30 ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව දක්වාද විශේෂ දුම්රියක් ධාවනය කරවීමට ද සැලසුම් කර තිබේ.

අයහපත් කාළගුණය හේතුවෙන් අත්හිටුවා තිබූ මඩකලපුව සහ ත්‍රීකුණාමලය අතර දුම්රිය ධාවනය අද (24) යළි ආරම්භ වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද සිට හෙට දක්වා හංවැල්ල මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ

Mohamed Dilsad

ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ඉදිරි සතියේදී නැවතත් ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ඛනිජ තෙල් වෘතීය සමිති වර්ජනය අවසන්

Mohamed Dilsad

Leave a Comment