ප්‍රමුඛ පුවත 1

ඛනිජ තෙල් වෘතීය සමිති වර්ජනය අවසන්

(උදයම්,කොළඹ) – අද රාත්‍රියේ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් පසුව සිය වර්ජනය අත්හැරීමට වෘතීය සමිති එකඟ වූ බව ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

ත්‍රිකුණාමලයේ චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පැවරීමට රජය තීරණය කර ඇති බව පවසමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙම වැඩවර්ජනය ආරම්භ කළේය.

අද පස්වරුවේ  වෘත්තීය සමිති නියෝජිතයින් සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී තීරණාත්මක සාකච්ඡාවක්පැවතියද එම සාකච්ඡාව විසඳුමකින් තොරව අත්හිටවනු ලැබීය.

ඉන් අනතුරුව වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදී එම නියෝජිතයන් තම වෘත්තී ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කරන ලදී.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තීරණය සැප්තැම්බර් මුලදී

Mohamed Dilsad

මෙරට ජනමාධ්‍යවේදීන් සඳහා ජාත්‍යන්තර ඇකඩමියක්

Mohamed Dilsad

70 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් නිකුත් කළ සමරු මුදල් නෝට්ටුව ජනපතිට පිළිගන්වයි

Mohamed Dilsad

Leave a Comment