ප්‍රමුඛ පුවත 1

එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

(UTV | කොළඹ) – උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා ආරක්ෂාව තර කිරීම සඳහා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය උපදෙස් ලබාදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

එළඹෙන දෙසැම්බර් නත්තල් උත්සවයට සමගාමීව කතෝලික ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන ස්ථාන ඇතුළු රටම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව පූජනීය ස්ථාන, පොදු ස්ථාන, සාප්පු සංකීර්ණ ඇතුළු මහජනතාව බහුලව ගැවසෙන ස්ථාන ඉලක්ක කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

උත්සව සමයේ ආරක්ෂාව ශක්තිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් පසුගිය සති 2 තුළ සිට ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ අමතර භට පිරිස් අනුයුක්ත කර ඇති බවත් ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක සඳහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ඕනෑම සහයක් ලබාදෙන බවට චීන ජනපතිගෙන් සහතිකයක්

Mohamed Dilsad

රාජ්‍ය සේවය තවදුරටත් ශක්තිමත් කරනවා [VIDEO]

Mohamed Dilsad

පන්නල සොයාගත් බෝම්බ සිද්ධියට අදාල සැකකරුවන් තවමත් අනාවරණ වී නොමැත [VIDEO]

Mohamed Dilsad

Leave a Comment