ප්‍රමුඛ පුවත 1

ඉන්ෆ්ලුවෙන්සා ඒ h-1 n-1 වෛරසය පැතිරීම වැළක්වීමට විශේෂ වැඩපිළිවෙලක්

මහනුවර ශික්ෂණ රෝහලට පෙනහලු ආසාධන ඇතිව පැමිණෙන සියලු රෝගින් පරික්ෂා කිරීමේ වැඩසටනක්  අරඹා ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

 

ඉන්ෆ්ලුවෙන්සා ඒ එච්-1 එන්-1 වෛරසය ආසාධනය වීමෙන් වකුගඩු රෝගීන් තිදෙනෙකු මේ වන විට මියගොස් තිබේ.

 වෛරසය ආසාධනය වු රෝගීන් තවත්  තිදෙනෙකු ප්‍රතිකාර ලබන බව ද රත්නායක මහතා කියයි.

 

මෙම ඉන්ෆ්ලුවෙන්සා ඒ එච්-1  එන්-1 වෛරසය ආසාධනය විම වලක්වා ගැනිමට සහ ආරක්ෂා වීමට  රෝහල් කාර්ය මණ්ඩලයට උපදෙස් දී ඇතැයි ද වෛද්‍යවරයා සඳහන් කරයි.

 

යම් පුද්ගලයකු  සෙම්ප්‍රතිෂ්‍යාව සහිත උණ රෝගයෙන් පෙළෙන්නේ නම් වහාම රජයේ රෝහලකට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙස ද උපදෙස් දෙන බව ද  වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

 

Related posts

චීන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීමට සුදානම්

Mohamed Dilsad

“ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව නීතිමය පියවර ගන්නවා” සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කියයි

Mohamed Dilsad

ග්ලයිෆොසේට් තහනම ගැන රතන හිමි කියන කතාව

Mohamed Dilsad

Leave a Comment