ප්‍රමුඛ පුවත 1

පාස්කු ප්‍රහාරය පිළිබඳ අතුරු වාර්තාව හෙට ජනපතිට [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අතුරු වාර්තාව හෙට (19) භාරදීමට නියමිතව තිබේ.

ජනාධිපති කාර්යාලයේදී හෙට පෙරවරුවේ එම අතුරු වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත අතර අදාල කොමිසම විසින් මේ වන විට පුද්ගලයින් 30 දෙනෙකුට වැඩි පිරිසකගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබේ.

ජනපති කොමිසම මඟින් ප්‍රහාරයට අදාල තොරතුරු ලබාදීම සඳහා මහජනතාවට අවස්ථාව සලසා දී තිබූ අතර මහජන පැමිණිලි 65 කට අධික සංඛ්‍යාවක් කොමිසම වෙත ලැබී තිබූ බවට වාර්තා වේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කර, වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරිම සඳහා පසුගිය සැප්තැම්බර් මස 22 වනදා මෙම කොමිසම පත් කරනු ලැබුවේය.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජකරුණා, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු මහත්වරුන් හා විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.එම්.ආර්.අධිකාරි මහත්මිය එහි සෙසු සාමාජිකයින් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිස්ත්‍රික්ක හතකට නායයෑම් අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

මෙරට කොරෝනා සුව වූවන් ගණන ඉහළට

Mohamed Dilsad

වසන්ත කරන්නාගොඩ සහ රොෂාන් ගුණතිලකට තනතුරු අභිෂේක ගැන්වීම අදයි [Video]

Mohamed Dilsad

Leave a Comment