ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙක්

(UTV | කොළඹ) – අශෝක් පතිරගේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ධූරය සඳහා පත් කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන්සේවයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ඒ අනුව මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන අශෝක් පතිරගේ පත්ව ඇත.

මේ අනුව 2019 දෙසැම්බර් 13 දින සිට අශෝක් පතිරගේගේ පත්වීම බලපැවැත්වෙනු ඇති අතර සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ් විසින් මීට අදාළ පත්වීමේ ලිපිය නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ දැවැන්ත සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් හි නිර්මාතෘවරයා වන අශෝක් පතිරගේ එහි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා ද වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදුලිය ඇණ හිටියත් කළුවරේ දිළිසුනු මැණික් තොගයක්

Mohamed Dilsad

බ්‍රාහ්මණවත්තේ සීවලී තිස්ස අනුනායක හිමියෝ අපවත් වෙති

Mohamed Dilsad

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment