ක්‍රීඩා

පකිස්තානයෙන් නව ලෝක වාර්තාවක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී නව ලෝක වාර්තාවක් බිහි කිරීමට පකිස්තානයේ අබිඞ් අලී අද සමත් වුණි.

ඒ, ඔහු සහභාගී වූ පළමු ටෙස්ට් තරඟය වන මෙම තරගයේදී ශතකයක් රැස් කරගනිමින්.

ඔහු තමන් සහභාගී වූ පළමු එක්දින තරඟයේදී ද ශතකයක් වාර්තා කළේය.

ඒ අනුව, ටෙස්ට් සහ එක්දින වරම් දිනා ගත් තරඟ දෙකේදීම සිය මංගල ශතකය වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස අබිඞ් අලී අද ලෝක වාර්තාවක් බිහි කළේ.

මීට අමතරව වසර 10 කට පසු පකිස්ථානයේදී ශතකයක් රැස් කළ පළමු ක්‍රීඩකයා ලෙස ද ඔහු වාර්තා පොත් අතරට එක් වුණි.

තරඟය පැවැත්වෙන රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී වසර 19 කට පසු වාර්තා වූ පළමු ශතකය ලෙස ද එය ඉතිහාසයට එක් වීම විශේෂත්වයක්.

වසර 10 කට පසු පකිස්ථානයේදී පැවැත්වෙන මෙම ටෙස්ට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පළමු ඉනිමට කඩුලු 6 කට ලකුණු 308 ක් රැස් කළේය.

තරඟය අද ජය – පැරදුමෙන් තොරව නිමා වනවිට පකිස්ථානය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 කට ලකුණු 252 ක් රැස් කරගෙන සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෙවින් පීටර්සන්ගෙන් IPL තරඟාවලියට යෝජනාවක්

Mohamed Dilsad

ටෙස්ට් තරඟ නරඹන්නන් ගෙන්වා ගැනීම අසීරු බවට ටෝෆල්ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ඉන්දියාව සමග පන්දුවාර 20 ට එක්වන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Mohamed Dilsad

Leave a Comment