ප්‍රමුඛ පුවත 1

මීතොටමුල්ලේ හානිවූ නිවාස පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම ඇරඹේ

(උදයම්,කොළඹ)  – මීතොටමුල්ලේ හානියට පත්වූ නිවාස පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම ආරම්භ වෙයි.

කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේ පූර්ණ සහ අර්ධ වශයෙන් හානි වූ නිවාස පිළිබඳව වෙන් වෙන් වශයෙන් තොරතුරු ලේඛන සකස් කිරීම අද (20) ආරම්භ කල බවය.

එසේම අවදානම් කලාපයේ පිහිටා ඇති හානියට පත්නොවූ නිවාස පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම මෙහිදී සිදු කෙරෙනු ඇත.

නායයාමට හසු නොවූ නමුත් අවදානම් කලාපයේ පිහිටා ඇති නිවෙස් වලින් එම ජනතාව ඉවත් කිරීමේ කටයුතු ඊයේ ආරම්භ කෙරුණි.

අද දිනයේත් එම කටයුතු සිදුකෙරේ.

Related posts

මැතිවරණ කොමිසමෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ඉදිරි සතියේදී නැවතත් ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ඡන්ද හිමී නාම ලේඛනයට නම් ඇතුළත් කිරිමේ වෙනසක් – මැතිවරණ කොමිසම

Mohamed Dilsad

Leave a Comment