ප්‍රමුඛ පුවත 1

මීතොටමුල්ලේ හානිවූ නිවාස පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම ඇරඹේ

(උදයම්,කොළඹ)  – මීතොටමුල්ලේ හානියට පත්වූ නිවාස පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම ආරම්භ වෙයි.

කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේ පූර්ණ සහ අර්ධ වශයෙන් හානි වූ නිවාස පිළිබඳව වෙන් වෙන් වශයෙන් තොරතුරු ලේඛන සකස් කිරීම අද (20) ආරම්භ කල බවය.

එසේම අවදානම් කලාපයේ පිහිටා ඇති හානියට පත්නොවූ නිවාස පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම මෙහිදී සිදු කෙරෙනු ඇත.

නායයාමට හසු නොවූ නමුත් අවදානම් කලාපයේ පිහිටා ඇති නිවෙස් වලින් එම ජනතාව ඉවත් කිරීමේ කටයුතු ඊයේ ආරම්භ කෙරුණි.

අද දිනයේත් එම කටයුතු සිදුකෙරේ.

Related posts

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අද ජනපති පොදු සමාවක් නෑ…

Mohamed Dilsad

කටුකුරුන්ද බෝට්ටු අනතුරින් අතුරුදන්වූ එක් අයෙකු සොයා තවදුරටත් මෙහෙයුම්

Mohamed Dilsad

අර්ධ සුඛෝපභෝගී බස් රථ අහෝසි කිරීමට අවධානය

Mohamed Dilsad

Leave a Comment