ක්‍රීඩා

සුරංග ලක්මාල් පාකිස්තානු සංචාරයෙන් ඉවතට

(UTV | කොළඹ) – ශ‍්‍රී ලංකාවේ වේග පන්දු යවන කී‍්‍රඩක සුරංග ලක්මාල් පාකිස්තානු ටෙස්ට් තරඟ සංචාරයෙන් ඉවත් කර තිබේ.

ඒ ඩෙංගු උණ රෝගය වැළඳීම හේතුවෙන් බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරට ඊයේ (09) ළඟා වූ අතර ඩෙංගු උණ වැලඳී තිබීම හේතුවෙන් සුරංග ලක්මාල්ට මෙම සංචාරයට එක්වීමට නොහැකි වුවේය.

සුරංග ලක්මාල් වෙනුවට යොවුන් වේග පන්දු යවන කී‍්‍රඩක අසිත ප‍්‍රනාන්දු, ශී‍්‍ර ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා තිබේ.

2009 වසරේදී ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිළට පාකිස්තානයේ ලාහෝර් නුවරදී එල්ල වුණු ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු එරට පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟාවලිය මෙය වේ.

එම ප‍්‍රහාරයේ ඉලක්කය වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සිටි දැනට කී‍්‍රඩා කරන එකම කී‍්‍රඩකයා වන්නේ සුරංග ලක්මාල්ය.

තරඟ 02 කින් සමන්විත ශ‍්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් කි‍්‍රකට් තරඟාවලියේ පළමු තරඟය රාවල්පින්ඩිහි දී හෙට (11) ආරම්භවීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අපේ කාලයේ දේශපාලන හැප්පීම් තිබුණත් වගකීම වුණේ ක්‍රිකට්‌ ගහන එක – කුමාර් සංගක්‌කාර කියයි

Mohamed Dilsad

තරුණියක් දූෂනය කර සුපිරි ක්‍රීඩකයා පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලාංකික ක්‍රිඩක ක්‍රිඩිකාවන් ඇගයීමට

Mohamed Dilsad

Leave a Comment