ප්‍රමුඛ පුවත 1

මුදල් වංචා කළ ගණකාධිකාරිවරයෙකුට වසර 367 ක සිර දඩුවමක්[VIDEO]

(UTV | කොළඹ) –  රුපියල් විසි එක් ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීම ඇතුලු අධි චෝදනා 19 කට වරදකරු වූ ගණකාධිකාරිවරයෙකුට බරපතල වැඩ සහිත වසර 367 ක සිර දඩුවමක් අද නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතායි නියෝගය ලබා දුන්නේ. විත්තිකරුට රුපියල් ලක්ෂ 19 ක දඩයක්ද මෙහිදී නියම කෙරුණා.

2000 වසරේ සහ 2001 වසර ඇතුළත පැමිණිලිකාර සමාගමේ සේවය කළ ගණකාධිකාරිවරයා රුපියල් ලක්ෂ 21 කට අධික මුදලක් වංචා කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.

විත්තිකරු අධිකරණය මග හැර සිටින අතර ඔහු දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙසට ද අධිකරණය විවෘත වරෙන්තු නිකුත් කළේය.

අදාළ දඩුවම නියම කරමින් මහාධිකරණ විනිසුරුවරයා සදහන් කර සිටියේ මෙවැනි වංචා සිදුකරන සෙසු විත්තිකරුවන්ටද පාඩමක් ඉගෙන ගැනීම සදහා මෙවැනි දඩුවමක් ප්‍රකාශයට පත් කළ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුරප්පාඩු ඇති ජාතික පාසල් විදුහල්පති තනතුරු සම්පූර්ණ කිරීමට පියවර

Mohamed Dilsad

රන්ජන් ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

ඇල්පිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයයි.

Mohamed Dilsad

Leave a Comment