විදෙස්

ඇමෙරිකානු සෙබළුන් 4000කින් යුත් කණ්ඩායමක් ජර්මනියට

ඇමෙරිකා එක්සත් ජනපද  හමුදාවේ සෙබළුන් 4000කින් යුත් කණ්ඩායමක් ජර්මනියට යැවු බව පෙන්ටගනය පවසයි.

 

රුසියාවට කිසියම් ආකාරයේ පණිවුඩයක් යැවීමක් ලෙස මෙම තීරණය ගත් බවත් යුරෝපයේ රටවල ස්ථීර සේවයේ හමුදා යොදවන බවත් පෙන්ටගන් මාධ්‍ය ප්‍රකාශක ජෙෆ් ඩේවිස් මහතා විදෙස් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

 

යුක්රේනයේ  රුසියා ක්‍රියාකාරකම් විචේනය කළ ඩේවිස් මහතා ඒ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ  මිත්‍ර රටවල් විමසිල්ලෙන් සිටින බව ද පැවසීය.

 

ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපේ කැපවීම පෙන්වීම සඳහා දැනෙන යමක් කළ යුතුයි.

 

“ඇරත් එය යුරෝපයේදී අපේ ඒකබද්ධ ආරක්ෂාවට සම්බන්ධ දෙයක්” යයිද ඩේවිස් මහතා පැවසීය.

 

යුද්ධ ටැංකි, සන්නද්ධ හමුදා වාහන, කාලතුවක්කු, ට්‍රක් රථ සහ කන්ටේනර් රථ ඇතුළු යුද උපකරණ හා වාහන 2,400 ක් සමග ඇමෙරිකා හමුදාවේ 04 වැනි පාබල සේනාංකයේ 3 වැනි බලඇණිය මෙලෙස කොලරාඩෝහී කාසන් බලකොටුවේ සිට යවා තිබේ.

 

Related posts

හොංකොං විරෝධතාකරුවන්ට ඇමරිකානු ජනපතිගෙන් සහය

Mohamed Dilsad

යුක්රේන ගුවන් අනතුරෙන් 25කට දිවි අහිමි වෙයි

Mohamed Dilsad

නවදිල්ලියට අද සිට රාත්‍රී ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment