ප්‍රමුඛ පුවත 1

පළාත් කිහිපයකට වැසි තත්වයේ වැඩිවීමක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට දකුණින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර,උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය විශේෂයෙන් අද (04) සහ හෙට (05) දිනවල වැඩිවේ යැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවලප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ත්‍රිකුණාමලය,මඩකලපුව,අම්පාර, මුලතිව්,නුවරඑළිය, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයන්ද ඇති වන බව කාලගුණ අංශය නිවේදනය කරයි.

උතුරුමැද, සබරගමුව, දකුණු සහ බස්නාහිර පළාත්වල (අනුරාධපුරය, පොලොන්නරුව, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, ගම්පහ, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්ක)සහ මාතලේ, මහනුවර, යාපනය, මන්නාරම, කිලිනොච්චි සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

දිවයින හරහා විශේෂයෙන්ම උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම, ඌවසහ දකුණු පලාත්වල විටින් විට හමන පැ.කි.මි 50-60 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ පාසැල් සතිය අද සිට

Mohamed Dilsad

අල්ලස වැලක්වීමට දේශපාලන පක්ෂවල වියදම් පාලනය කිරීම වැදගත් [VIDEO]

Mohamed Dilsad

ශ්‍රී ලාංකික පවුල පිටුවහල් කිරීමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ නගර රැසක විරෝධතා [video]

Mohamed Dilsad

Leave a Comment