ප්‍රමුඛ පුවත 1

හලාවත සහකාර පොලිස් අධිකාරිවරයා තවදුරටත් රිමාන්ඩ්

 

(UTV | කොළඹ) –  හලාවත සහකාර පොලිස් අධිකාරි කීර්ති බණ්ඩාර මේ මස 13 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළාය.

මෙම සහකාර පොලිස් අධිකාරිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය සේවාදායකයාට ඇප ලබාදෙන ඉල්ලීමක් කළ අතර ඒ සම්බන්ධයෙන් නියෝගය එදිනට ලබාදෙන බව මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.

හලාවත – මුන්නේෂ්වරම් ප්‍රදේශයේ පිහිටි දේවාලයකින් නැතිවූ වාලම්පුරි දෙකක් සොයාදීම සඳහා එහි භාරකාරියගෙන් රුපියල් ලක්ෂ 02 ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් එක්ලක්ෂ 90,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමට යාමේදීයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මොහු අත්අඩංගුවට ගනු ලැබුවේය.

එමෙන්ම අල්ලස් කොමිසම අද අධිකරණයට දැනුම් දුන්නේ පැමිණිලිකාරිණියට මරණ තර්ජන ඇති බවට පොලිසියට සහ අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරින් ඉවතට

Mohamed Dilsad

ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවධානය ඉහළට

Mohamed Dilsad

තමා මේ රටේ ජනාධිපති ධුරයට පත්වූනේ ජනතාව ආරක්ෂා කිරීමටයි – ජනපති

Mohamed Dilsad

Leave a Comment