ප්‍රමුඛ පුවත 1

වෙළෙඳපොළේ සහල් මිල ඉහළට

(UTV | කොළඹ) – වෙළෙඳපොළේ සහල් මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පවසයි.

බොහෝ සහල් වර්ගවල මිළ ගණන් රුපියල් 100ත් 150ත් අතර මට්ටමක පවතින බවට වාර්තා වේ.

මෙය තම ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට දැඩිව බලපා ඇති බව ඔවුහු පෙන්වා දෙති.

වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව අභ්‍යන්නර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.

ඒ හේතුවෙන් දැනට රජය සතුව ඇති වී මෙට්‍රික් ටොන් 40000 ක් කඩිනමින් සහල් බවට පත්කිරීම සඳහා මේ වනවිටත් පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

එය ලක් සතොස හරහා ඉදිරි සතියේදී වෙළෙඳපොළට ලැබෙනු ඇත.

කෙසේ වෙතත් සහල් ආනයනය සඳහා රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අනුර ප්‍රියදර්ශන යාපා වැඩිදුරටත් සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශී‍්‍ර ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ 2018 වාර්ෂික සැසිවාරයේ සමාරම්භක උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

කොළඹ කොටුව සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය අත්හිටුවයි

Mohamed Dilsad

බත්තරමුල්ලේදී අත්අඩංගුවට ගත් අංගොඩ ලොක්කාගේ ගෝලයා

Mohamed Dilsad

Leave a Comment